Week 06

මම මේ ලෝකේ ආසම දේවල් වලින් එකක් තමයි තනියම හීන ලෝක වලට ගිහින් ඒව ගැන කල්පනාවෙ වැටෙන එක..
මම ආස කරන මම ලබාගන්න හීන මවන දේවල් ගැන කල්පනා කරන්න..
කෙනෙක්ට හිතෙන්න පුලුවන් ඒක නිකන් පිස්සු වැඩක් කියල..
ඒත් මම දකින්නේ ඒ මම දකින හීන වලින් මට ඒව ලබාගන්න තව මෝටිවේශන් එකක් ලැබෙනව කියන එක..
ඒ මවපු හීන ගොඩක් අද මම මගෙ කරගන තිබ්බත් මට මගෙ කරගන්න බැරි වුන දෙයක් තියනව..
ඒ තමයි ඔයා, ලිලී..💛🌻
මට ඒ හීනෙ මගෙ ජීවිතේට ගොඩක් වටිනව..
අදටත් මොනදේ, මොන වැඩේ, මොන ලෙඩේ, මොන අමාරුව තිබුනත්..
ඒ හීනෙ වෙනුවෙන් වෙලාවක් වෙන් කරන්න මහන්සියක් දැනෙන්නේ නැත්තේ ඒ නිසා වෙන්නැති..

ඉර බැහැගෙන යන හැන්දෑවන් වල, හඳ පායාගෙන එන රාත්‍රීන් වල..
මගේ ජීවිතේ ලස්සනම මොහොතවල් කියන්න පුළුවන් ඒවා ගොඩක් තිබුනේ..
ඒ වගේ ලස්සන තැන් වල ඔයත් එක්ක මම මවන හීන වල..
ඒ මොහොතවල් මට මතක් කරලා දෙනවා මම තාම ජීවත් වෙනවා කියලා..
ඉතින් ඒ විදියට ජීවිතේ මට ලැබෙන හැම හැඟීමක්ම වගේ මම වචන කරන්න පුරුදු වෙලා නිසා..
මම ඒ අකුරු අස්සේ ඔයා එක්ක ගත කරන්න මවන හීන, ඒ මොහොතවල් වල ආයෙ ආයෙ සැරි සරන්න පුරුදු වෙලා ඉන්නවා..
ඒත් සමහර හැඟීම් තියනවා මට වචන වලට පෙරලන්න තේරෙන්නේ නැති..
ඒ වෙලාවට මම මගේ පෑන පැත්තකින් තියලා ඔයාගෙ ඇස් දෙක දිහා බලාගෙන ඉන්නවා..
ඒ මොහොත විඳිනවා..

ඉතින් කවදහරි, මේ මම මවන විදියටම..
මාත් එක්ක ඇවිදගන යන්න, දකුණු අතින් අල්ලගන, උරහිසට ඔලුව බර කරගෙන, හැම හැන්දාවකම ඔයා එක්ක ඉන්න..💛🌻
මම තනියම හීන මවනවා...🌻